පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
එහිදී දෙපාර්ශවය නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා නඩුවේ විභාගය යළි ඔක්තෝම්බර් මස 14 වනදා ආරම්භ කිරීමට නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.



