සුළං තත්ත්වය තවදුරටත්

Share

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් පවතිනු ඇතැයි ‍අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව හා‍ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි අතර, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ හා උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමා යන සුළං වේගය පැයට කි‍‍ලෝ මීටර 60 ක් පමණ විය හැකි අතර, තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News