අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජ්‍ය ලේකම්වරයා එළැඹෙන 24 දා සිට 30 දා දක්වා ඉන්දු – පැසිෆික් කලාපයේ සංචාරයකට එක්වීමට නියමිත අතර එයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරය සිදුකිරීමට නියමිතය.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකද සංචාරය කරන බව වාර්තා වෙයි.



