සහරාන් සමඟ ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ අයෙක් ඉන්දීයාවේදී අත්අඩංගුවට

Share

පාස්කු ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු දකුණු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

මෙම සැකකරු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ඊයේ(12) දිනයේ ඉන්දීයාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි මොහොමඩ් අශාරුඩීන් නමැති පුද්ගලයෙකු වන අතර ඔහු සමඟ සබදතා පැවැත්වු පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

තමිල්නාඩු සහ කේරල ප්‍රාන්තවල ස්ථාන 07ක සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත අතර කොයිම්බටෝර් හිදී අදාල සැකකරුවන් අත්අංඩගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සිදු කළ සෝදිසි කිරිම් අතරතුර ජංගම දුරකතන 14ක්, සිම් කාඩ්පක් 29ක්, ලැප්ටොප් පරිඝණක 03ක්, සීඩි සහ ඩි.වී.ඩි තැටි 13ක්, ඩොන්ගලයක්  ඇතුළු උපකරණ සහ ලියකියවිලි විශාල සංඛ්‍යාවක් සොයගෙන ඇත.

අත්අඩංගුවට ගත් මොහොමඩ් අශාරුඩීන් නමැති සැකකරු සහරාන් හෂිම් සමඟ ෆේස්බුක් ඔස්සේ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති අතර ඊට අමතරව පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ඉන්දිය ජාතික විමර්ශන ඒකකය පවසයි.

සැකකරු සිය ෆේස්බුක් ගිණුම මගින් අයි.එස් සංවිධානයේ මතවාදය ප්‍රචාරය කිරීමට උත්සහ දරා ඇති අතර එම සංවිධානයට තරුණ තරුණියන් බඳවා ගැනීම පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News