බුත්තල පොලිස් බල ප්‍රදේශයේ ජනාවාස හතර ප්‍රදේශයේ දී වැටලීමකින් මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(18) රාත්‍රියේ මොණරාගල දිස්ත්‍රික්ක කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එම නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා මිලි ලීටර් හත්ලක්ෂ විසිදාහක්, කසිප්පු බෝතල් 55ක්, බැරල්, දගර ගෑස් ලිප් ඇතුළු උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22, 24, 29 වයස්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



