ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් ගුවන් හමුදාපතිවරයා නාවික හමුදා මූලස්ථානය වෙත සාදරයෙන් පිළිගෙන ඇත.
ගුවන් හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදාපතිවරයා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී නාවික හමුදාපතිවරයා විසින් ගුවන් හමුදාපතිවරයා වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලදි.
ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.
මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.



