පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී විදෙස් මත්පැන් තොඟයක් සහ තහනම් පිහි සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සහ යුධ හමුදාව එක්ව ඊයේ (21) උදෑසන 09 .00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කළේය.
එහිදී විදෙස් මත්පැන් බෝතල් 32ක් සහ තහනම් පිහි 09ක් සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පානදුර උතුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



