කිරින්ද වෙරළට බිලි වු තිදෙනාගේ අවසන් කටයුතු අද (ඡායාරූප)

Share

විනෝද චාරිකාවක් සඳහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේ දි 23 දින සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ(24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික ජයසුරිය(39), නෙසත්මා සහන්දි විජේසුරිය(06), නදිශා ඉනොමි විජේසුරිය(04) යන අයයි.

මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිඳ නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනිවරයෙකු වශයෙන් සේවය කරන අතර එම බැංකුව විසින් සංවිධානය කරන ලද විනෝද චාරිකාවක් සඳහා එම පිරිස ඉකුත් 22 දින යාල ප්‍රදේශයට ගොස් සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඊට පසු දින උදැසන 7.30 ට පමණ වෙරළ තිරයේ රළ පැගිමට ගිය අවස්තාවේ මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිඳ වන හසිනි විජේසුරිය මහත්මියද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

හැටන් ප්‍රදේශයේ සියළුම ජනතාවගේ සො සුසුම් මැද ඊයේ රාත්‍රි අනතුරෙන් මිය ගිය අයගේ සිරුරු නිවසට ගෙන විත් තැන්පත් කර ඇති අතර මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු අද(25) පස්වරු 4.00 ට හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට ඥාතින් සහ හිතවතුන් කටයුතු කර ඇත.

මිය ගිය අයට ශෝකය පල කරමින් හැටන් නගරයේ සියළුම කඩ සාප්පු වල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල් වලින් සරසා ඇති බවද අප වාර්තාකරු පැවැසීය.

අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනා මුහුදේ ගිලි හුස්ම හිර විමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව මරණ පරික්ෂණය පැවැත් වු තිස්සමහරාම මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි වන එච්.ටි.ඩබ්ලිව් අජිත් කුමාර මහතා විසින් නිගමනය කර ඇත.

Read more

Local News