මත්පැන් අවන්හල්වලට තමා බලපත්‍ර දී නැති බව සජිත් කියයි

තමා දේශපාලන දිවිය තුළ කිසිදු ආකාරයක මත්පැන් අවන්හලක් සඳහා බලපත්‍ර ලබාදී නොමැති බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මත්පැන් අවන්හලක් යනු සමාජය පිරිහීමට ලක් කරන දේවල් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ හම්බන්තොට, තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

රුපියල් ලක්ෂ 550ක් වැයකොට හම්බන්තොට, තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඉදිකිරීමට නියමිත පිහිනුම් තටාකය සඳහා මුල්ගල තැබීම අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.

Exit mobile version