හැටන් – ආගරපතන ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් කාන්තාවන් 20 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.
ඊයේ(25) පස්වරුවේ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් ප්‍රතිකාර සඳහා ආගරපතන රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.