අසාද් සාලිගේ ප්‍රකාශක් ගැන පරීක්ෂණයක්

Share

අන්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන විනිසුරුවරුන් ද සිටින බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එම කොට්ඨාශය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් එම දැනුම්දීම සිදු කළේය.

ඉකුත්දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන මුස්ලිම් විනිසුරුවරු පිරිසක්ද සිටින බවට තොරතුරු අනාවරණය කර තිබුණි.

මේ පිළිබඳව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

Read more

Local News