පස් කන්දකට යටවී දෙදෙනෙක් මරුට – 2කට තුවාල

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතරතුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පැවසීය.

කම්කරුවන් පිරිසක් අදාළ පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී පස් කන්ද කඩා වැටී ඇති අතර එහිදි ඉන් එක් අයෙකු ඊට යටවී තිබේ.

අනෙක් කම්කරුවන් විසින් ඔහු මුදාගැනීමට කටයුතු කරමින් සිටින අතරතුර තවත් පස් කන්දක් කඩා වැටී ඇති බව පොලීසිය පැවසුවේය.

පස්කන්දට යට වූ කම්කරුවන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා පොතුපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.

Exit mobile version