තාජුදීන්ගේ නඩුව ලබන මස 30 වැනිදා යළි කැඳවයි

   

රගර් ක්‍රීඩක මොහඩ් තාජුදීන් ඝාතන සිදුවීමේ සැකකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික මහතා මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කොට ඇත.

‍ෙවිත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක තම සේවාදායකයාට ඇප නියම කොට ඇති හෙයින් එම ඇපය මතම හෝ සුදුසු  ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට ඇප නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් ඇප කොන්දේසියක්ද පැනවීය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට පැමිණිල්ලක් ලැබුණු හොත් නියම කොට ඇති ඇපය අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කරන බව විත්තිකරුට දැනුම් දුන් විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසද නියම කළේය.

විත්තිකරුට එරෙහි නඩුව ලබන ඔක්තොම්බර් 23,24 සහ නොවැම්බර් 07,08,15 වැනි දිනවල විභාග කිරීමට නියම කළ විනසුරුවරයා මෙම නඩුව ලබන මස 30 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

Exit mobile version