කොටුව, දුම්රියපල අසල ඕල්කට් මාවතේ පිහිටි වෙළෙඳ සැලක ඉදිරිපස කොටසේ හදිසි ගින්නක් ඊයේ(27) රාත්‍රී 8.15 පමණ හටගෙන තිබේ.
මෙම ගින්න කොළඹ ගිනි නිවීමේ ඒකකය මඟින් නිවාදැමීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.
වෙළසැලේ සේවකයෙකු අතින් සිදුවූ අත්වැරදීමක් නිසා සිදුවු ගෑස් කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ගින්න හේතුවෙන් සුළු දේපල හානි පමණක් වාර්තා වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.