බදියුදීන් විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ තිබේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(28) යළි රැස්වෙයි.

අද දිනයේත් තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැමිණ තිබේ.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණ ද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා ඔහු අද දින කැඳවීමට තීරණය කෙරුණි.

Exit mobile version