පස්සර හා ලුණුගල ප්රාදේශීය ලේකම් කොට්ඨාස අතර පිහිටි මීදුම්පිටිය ලුණුගල කඳු වැටියේ ගින්නක් පැතිරයමින් පවතින බවට වාර්තා වෙයි.
අද(29) උදෑසන 8.00 ට පමණ මෙම ගින්න ඇතිවී ඇති අතර උදෑසන 9.15 පමණ වන විටත් ගින්න පැතිරෙමින් පැවැති බවටයි වාර්තා වන්නේ.
ගින්න නිවා දැමීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කඳුවැටිය ප්රදේශය වෙත පිටත්කර යැවීමට කටයුතු කර ඇති බව බදුල්ල දිස්ත්රික් සහකාර ආපදා කළමනාකරණ අධ්යක්ෂවරයා ප්රකාශ කර තිබෙන බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



