මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව පළාතේ වැසි වාර කීපයක් ඇති වන අතර, බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-55 අතර සුළං වේගයක් පවතිනු ඇත.

මේ අතර, වයඹ පළාතේ මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළං වේගය පැයට කිලෝ මීටර 40-45 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read more

Local News