දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ග්‍රෑන්ඩ්පාස්, ගල්කිස්ස, බොරැල්ල, පානදුර උතුර සහ බදුල්ල යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 45 යි මිලිග්‍රෑම් 870 ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් මාලිගාකන්ද, ගල්කිස්ස, පානදුර සහ බදුල්ල යන මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.