නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා එකම දිශාවට අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදි දෙකක් අනතුරට පත් විමෙන් යතුරුපැදියේ ගමන් ගත දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
පසුව එක් යතුරුපැදිකරුවකුගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බව නාවලපිටිය පොලිසිය පැවසිය.
ඊයේ(04) රාත්‍රි 8.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේදිය.
නාවලපිටියේ සිට රඹුක්පිටිය දක්වා ධාවනය වු යතුරුපැදිකරු තම නිවසට යාම සඳහා ප්‍රධාන මාර්ගයෙන් දකුණුපසට හැරවිමේදි පිටුපසින් එම දිශාවටම අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.
අනතුරෙන් යතුරුපැදි දෙකට ද බරපතල අලාභ හානි සිදු වි ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.





