රක්වාන පොලිස් වසමේ කෝරලේගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රක්වාන පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරත් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු කෝරලේගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ටී.56 උණ්ඩ 05ක්, ජෙලට් නයිට් කූරු 02ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 434ක් සහ වෙඩි බෙහෙත් පත්තු කරනු ලබන කැප් 02ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඔහු අද(06) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර රක්වාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



