පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
ජූලි මස 5 වන දින කොටහේන පොලිස් වසමේ දී යාපනය, කොළඹ පුද්ගලික බස් රථයක රියදුරු පැහැර ගොස් කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.
සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ(07) සවස 5.30 ට පමණ කොළඹ, අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කර අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී පැහැර ගැනීමට උපයෝගී කර ගත් ත්‍රීරෝද රථය සහ තවත් ත්‍රීරෝද රථයක් මෙන්ම කප්පම් ලබා ගැනීමට උපයෝගී කර ගත් දුරකථනය ද සොයා ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා වයස අවුරුදු 31 ක් වු මිරානියා වීදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අද(08) දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.



