තඹ කම්හලේ සේවය කළ අබ්දුල්ලා තවදුරටත් රිමාන්ඩ්

Share

පාස්කු ඉරු දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉබ්‍රාහිම් මොහොමඩ් ඉන්සාබ් නැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අද(08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන ලැබීය.

එහිදී විමර්ශන සිදුකරන ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව සැකකරු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද නියම කළාය.

මෙම තඹ කම්මලේ සේවය කළ තවත් සේවකයින් නව දෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටී.

Read more

Local News