සෝෆා ගිවිසුම ගැන අගමැති කියන දේ

රටේ පරමාධිපත්‍යයෙන් පිට තමා කිසිවිටෙක කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.

අලුතෙන් සෝෆා ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්,ඇතැම් පාර්ශව පවසන ආකාරයට එවැනි ගිවිසුමක් අත්සන් කර තිබේ නම් එය හොර ගිවිසුමක් බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

1995 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් අත්සන් කළ සෝෆා ගිවිසුම පමණක් තමා සතුව තිබෙන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ රජය අත්සන් කළ ඇක්සා ගිවිසුමේ වගන්ති වෙනස් කර කාලය දීර්ඝ කිරීමට වත්මන් රජය කටයුතු කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යටතේ ලංකවේ යටිතල පහසුකම් දියුණු කිරීමට ආධාර ලැබීමට නියමිත බවද හෙතෙම කීය.

ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Exit mobile version