අවසන් මහ තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම  මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද පෙරවරුවේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය අවට තරමක සුළු වර්ෂාපතනයක්ද පැවැත තිබේ.

අවසන් මහ තරගයේ පිටියේ ප්‍රධාන විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර තරග තීරක ලෙස රන්ජන් මඩුගල්ලේ කටයුතු කරයි.

Exit mobile version