දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 7වනදා සිට ආරම්භ කරන ලදී.
මෙම මෙහෙයුමේදී ඊයේ (14) පෙරවරු 6 සිට අද (15) පෙරවරු 6 දක්වා පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 279ක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව පසු ගිය 5වනදා සිට අද (15) දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු බීමත් රියදුරන් සංඛ්‍යාව 3154ක් බව පොලිස් මාධ්‍ය අංශය දැනුම් දී තිබේ.