තැපැල් වර්ජනය තවදුරටත්

විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ආරම්භ කර ඇති වැඩවර්ජනය අද(18) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බවයි.

තැපැල් සේවාව පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බඳවා ගැනිමේ පටිපාටියට කැබිනට් අනුමැතිය ලබාගැනීම, තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව, තැපැල් සේවා සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් පසුගිය 16 වනදා ආරම්භ කළ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඊයේ දිනය වන විටත් ලිපි ලක්ෂ දෙකක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ප්‍රකාශ කළේය.

Exit mobile version