ගුණාත්මක පානීය ජලය ලබාදීමටත්, ජල සැපයුම් සේවා කාර්යක්ෂම කිරීමටත් කටයුතු කරනවා

ගුණාත්මක පානීය ජලය ලබාදීම ඉලක්කය බවත් ජල සැපයුම් සේවා කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය අද (30) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය

අඹතලේ වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ජල ගටළුවට විසඳුම් ලබාදෙන්නට හැකි වෙනවා. මඩකළපුව මහනගර සභාවට අප ජල ව්‍යාපෘතිය සකස් කරලා, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට යාවා තිබෙනවා.

මේ රටේ ජනතාවගේ ජීවිතවලට කිට්ටු සේවාවන් සළසන ජනතාව සතුටින් තබන අමාත්‍යාංශයක්. 2020 දී සුරක්ෂිත පානීය ජලය ලබාදෙන්න කටයුතු කරනවා. ගුණාත්මක පානීය ජලය ලබාදීම අපේ ඉලක්කයක්. ජල සැපයුම් සේවා කාර්යක්ෂම කරන්න කටයුතු කරනවා. දැනට ව්‍යාපෘති 62ක් ක්‍රියාත්මක වෙනවා. නව සනීපාරක්ෂක ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කරනවා. 2017 දී ව්‍යාපෘති හයක් අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරිය සඳහන් කළේ ය.

 

Exit mobile version