ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මවක් හා දැරියන් 2ක් ජීවිතක්ෂයට

Share

සුරියවැව කඳවුර පෙදෙස ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක්, ඇයගේ දියණිය සහ තවත් දැරියක් මියගොස් ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ නවතා තිබු ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී ඇති බවයි සූරියවැව පොලීසිය පැවසුවේ.

බරපතළ තුවාල ලැබු ඔවුන් සූරියවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ සූරියවැව, කඳවුරු පෙදෙස ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසකි.

මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News