පක්ෂය නිවැරදි තීරණ ගන්න බව රවී කියයි

එක්සත් ජාතික පක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මාධ්‍යවල පලවන පුවත් අසත්‍ය බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති වැඩ සටහනකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය‍.

සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බව ප්‍රකාශ කිරීම අමූලික බොරුවක් බවත් එය මාධ්‍ය විසින් ගොඩනඟා ඇති කතාවක් බවත් ඒ මහතා පවසයි.

පක්ෂය නිවැරදි අවස්ථාවේ දී නිවැරදි තීරණය ගනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version