මට්ටක්කුලියේ දී කුඩුත් එක්ක අයෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 117 ක් සන්තකයේ තබා සිටිය දී‍ සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සමඟ මෙම පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වු මට්ටක්කුලිය, කොළඹ 15 ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු අද(02) කොළඹ මාලිගාකන්ද, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version