Home දේශීය පුවත් ආනමාලු රංග ඝාතනයට සම්බන්ධ තුනන් STF අත්අඩංගුවට

ආනමාලු රංග ඝාතනයට සම්බන්ධ තුනන් STF අත්අඩංගුවට

0
ආනමාලු රංග ඝාතනයට සම්බන්ධ තුනන් STF අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී ඊයේ පස්වරු 04.15 ට පමණ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින්, අවමංගල්‍ය කටයුත්තකට සහභාගී වීම සඳහා සුසාන භූමියට පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනකුට මන්නා පිහිවලින් පහරදී ඝාතනය කර තිබුණි.

පහරදීමෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ආනමාලු රංග” නමැත්තා බවට හඳුනාගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සැක පල කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here