ඉන්දීය ධීවරයින් හතරක් නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (19) දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය මඟින් ඩෙල්‍‍ෆ් ප්‍රදිපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

නාවික බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 20, 31 සහ 58 වන වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

Exit mobile version