ඖෂධ 27ක මිල පහළට ?

ඉදිරි කාලය තුළ තවත් ඖෂධ 27ක මිල නියමානුකූල කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව නියමානුකූල කළ ඖෂධ ප්‍රමාණය සියය දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි.

එමගින් 5000ක් පමණ වූ වෙළෙඳ නාමයන් සහිත ඖෂධවල මිල අඩුවීමක් සිදුවන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

හම්බන්තොට පැවති ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

Exit mobile version