Home විදෙස් පුවත් රුසියාවේ කන්‍යාරාමයක ගින්නක්

රුසියාවේ කන්‍යාරාමයක ගින්නක්

0
රුසියාවේ කන්‍යාරාමයක ගින්නක්

රුසියාවේ මොස්කව්හි පිහිටි ඉපැරණි කන්‍යාරාමයක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කන්‍යාරාමයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබුණි.

අදාළ ගොඩනැගිල්ල 14 වන සියවසේ පමණ ඉදිකරන ලද්දක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් රථ 17ක් සමග ගිනි නිවීම් සේවකයන් 56 දෙනෙක් යොදවා තිබුණි.

කෙසේ නමුත් මේ වන විට ගින්න මුළුමණින් පාහේ මැඩපවත්වා ඇති අතර ඉන් කිසිදු පුද්ගල හානියක් වාර්තාවී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ ගොඩනැගිල්ලේ සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here