වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දැමේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් විසින් සිදුකරන උද්ඝෝෂණයක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇත.

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ඊයේ (28) ආරම්භ කළ දෙදින සංකේත වැඩවර්ජනය අද (29) දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව මේ වන විට සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරත වන බව ද විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල් රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.

Exit mobile version