පොහොට්ටුවේ නව ව්‍යවස්ථාවට ඒකාබද්ධයේ සියලු පක්ෂ එකඟ වෙයි

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය ගොඩනැගීම සඳහා වන ව්‍යවස්ථාවට සියළු පාර්ශවකාර දේශපාලන පක්ෂවල අනුමැතිය හිමිවූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ ඊයේ දිනයේ දී ඉතා පැහැදිලි ලෙස සන්ධානයක් ගොඩ නැඟීම සඳහා තිබු ප්‍රධාන ප්‍රශ්නය නිරවුල් කර ගත් බව පැවසු මන්ත්‍රීවරයා, ඊයේ දිනයේ දී පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ කෙටුම්පත් කරනු ලැබු නව ව්‍යවස්ථාවට එකඟත්වය පළ කළ බවද කියා සිටියේය.

එය නුදුරු දිනයක දී එය ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් මේ රටේ දේශපාලන වංශ කථාවට එක්වෙන බවත් පැවසීය.

Exit mobile version