ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවකයින් වර්ජනයක

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවකයින් එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, තම දීමනා ඉහළ නංවන ලෙස කළ ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව ය.

දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යානවලත් පින්නවල අලි අනාථාගාරයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.

Exit mobile version