උතුරු, නැගෙනහිර පළාත් සංවර්ධනයට කඩ්නම් පියවර

උතුරු නැගෙනහිර පළාත්වල වත්මත් තත්ත්වය ගැන සතුටු විය නොහැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චි ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්ය.

රටේ ජනතාව තමා ඉහළට ගෙන එන විට කරන පළමු ක්‍රියාව වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගත් සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කන්ඩාවලෛ ප්‍රදේශයේ ඉදිකළ නාගපුරම් සහ ඔතියනගර් උදාගම්මාන දෙක සහ කිලිනොච්චි කරයිව් ප්‍රදේශයේ ඉදිකළ ස්ලෛවනා සහ එල්ලාලන් සොලෛ යන උදාගම්මාන 4 ජනතා අයිතියට පත්කෙරුණේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

Exit mobile version