ගොඩනැඟිල්ලකට යට වී දෙදරු පියෙක් ජිවිතක්ෂයට

ආණමඩුව කොට්ටුකච්චිය 10 කණුව ප්‍රදේශයේ පැරණි ගොඩනැඟිල්ලක් ඉවත් කරමින් සිටි කම්කරුවෙකු එයට යට වී මරණයට පත්වි ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මැල්ලන්කුලම කොට්ටුකච්චිය පදිංචි 42 හැවිරිදි චමින්ද සම්පත් කුමාර නැමැති දෙදරු පියෙක් බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා 10 කණුව ප්‍රදේශයේ නිවසක දෛනික කුලි පදනමට ගොස් සිටියදී එම නිවැසියන් විසින් පැරණි ගොඩනැඟිල්ලක් ඉවත් කිරීමට දී ඇත.

එහිදි මෙම අනතුර සිදු වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version