අද සිට ‍තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනේ

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම අද (19) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද සිට දින 10ක කාලයක් අයදුම්පත් යොමු කිරිම සඳහා අවස්ථාව ලබාදී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා පැවැත්විමට සහ ඊට අදාල නාම යෝජනා භාරගැනිම ඔක්තෝබර් මස 07 වනදා සිදු කිරිම සඳහා වන ගැසට් නිවේදනය ඊයේ (18) රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණි.

Exit mobile version