ගුරුකන්ද හිමියන්ගේ ආදාහන කළ අය අත්අඩංගුවට ගන්නැයි උතුරු නීතිඥවරුන් වර්ජනයක

අධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා පැවසීය.

ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයෙන් එපිට නයාරු මුහුදු තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ (23දා) නියෝග කළේය.

නමුත් නාහිමියන්ගේ දේහය ආදාහන කරන ස්ථානය පිළිබඳ තීන්දුව ලැබෙන අවස්ථාව වන විටත් ආදාහන පූජොත්සවය සිදුකිරීමට ශාසනාරක්ෂක බල මණ්ඩලය තීරණය කොට තිබුණි.

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ දේහය අව පැහැ ගැනීමත් නිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම අවසන් කටුයුත සිදු කළ බවයි.

Exit mobile version