ව්‍යාජ රන්කාසි සමඟ 2ක් පෑලියගොඩ දී අත්අඩංගුවට

ව්‍යාජ රන්කාසි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

එහිදී රන් කාසි 04ක් සහ ව්‍යාජ ලෙස පිත්තල වලින් සකස් කරන ලද රන් කාසි 1400ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තලාව සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පෑලියගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version