ඇල්පිටිය එජාප අවසන් ජන රැළියට සීමිත ආධාරකරුවන් පිරිසක්

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ අවසන් ජන රැළිය ඇල්පිටිය කැල්ලපත ප්‍රදේශයේදී පැවැත්විණ.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයේ පැවැති මෙම අවසන් ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ ඉහළ තනතුරු දරණ කිසිවෙක් පැමිණ නොසිටිය.

ජනහමුව අවසන් වන විට ඉතාමත් සීමිත ආධාරකරුවන් පිරිසක් පමණක් රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැළියට එක්වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූ බවයි.

Exit mobile version