මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 31ක් වාර්තා වෙලා

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 31 ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ දක්වා කාලය තුළ කිසිඳු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ භාවිත කරමින් පත් වීම් ලබා දීම පිළිබඳ දෛනිකව සිද්ධීන් වාර්තා වෙමින් පවතින බවයි.

එසේම සංවර්ධන ව්‍යාපෘති හරහා බඩු බෙදා හැරීම පිළිබඳව ද සිද්ධීන් වාර්තා වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version