සාපෙළ ලියූ පුද්ගලික අපේක්ෂයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ලුණුගම මහා විද්‍යායේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අන් අයෙකු ලෙස පෙනී සිටි පුද්ගලික අපේක්ෂයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විභාග ශාලාවේ ශාලාධිපතිවරයා විසින් විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙකු විභාග අංක මාරුකර අන් අයෙකු ලෙස විභාගයට පෙනී සිටින බවට ලුණුගම පොලිසියට දැනුම්දී තිබුණී.
ඒ අනුව සැකකාර 17 හැවිරිදි සහ 18 හැවිරිදි සිසුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Exit mobile version