පළාත් පාසල් 8ක් ජාතික පාසල් ලෙස නම් කරයි

කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ඇතුළු පළාත් පාසැල් 08ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව ය.

ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ,විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් විද්‍යාලය , පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර උහන මහා විද්‍යාලය සහ ගම්පහ හේනෙගම මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් ලෙස නම් කිරිමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Exit mobile version