මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 22 දා අවසන් වන බැවින් එදින හෝ ඊට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර දිය යුතු බවයි.
ලබන 22 වැනි දින මධ්‍ය රාත්‍රී 12.00 වන විට සියලු තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කාර්යාලවලට ලැබී තිබියුතු අතර තැපැල් මගින් අයදුම් පත් එවීමෙන් ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ළඟම ඇති මැතිවරණ කාර්යාලය එම අයදුම්පත් භාර දිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ලබන 23 වැනි දින තැපැල් මගින් ලැබෙන අයදුම්පත් භාර නොගන්නා බව ද සඳහන් කළේය.