පුත්තලම ජලයෙන් යටවෙයි – පවුල් රැසක් පිඩාවට

Share

මහවැසි හා ජල ගැලිම් හේතුවෙන් ගෙවුණ පැය 24 ක කාලය තුළදී පවුල් 2000 කට අධික සංඛ්‍යාවක 8000 කට ආසන්න පුද්ගලයින් පිඩාවට පත්වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

ඊයේ (27) දහවල් සිට අද (28) දින අලුයම දක්වා මහ වැසි සහ වැව් වාන් දැමිමේන් වැඩිම පිඩාවන්ට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බව වාර්තා වෙයි.

මෙයට අමතරව වනාතවිල්ලුව, මුන්දලම, ආණමඩුව, මහකුඹුක්කඩවල, හලාවත, මහවැව, දංකොටුව, නාත්තන්ඩිය, කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළද පිඩාවන්ට පත් වී ඇති සංඛ්‍යාව වැඩි මට්ටමක පවතින බවත් පිඩාවන්ට පත්වු පිරිස් පිළිබඳ තොරතුරු මේ වන විට ලැබෙමින් පවතින බවද දිස්ත්‍රික් අපදා සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.

Read more

Local News