ජනපතිවරණයේ වැඩිම පැමිණිලි ත්‍රිකුණාමලයෙන්

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල 1,923 ක් ලැබී තිබේ.

එම පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා 17ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1,826ක් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර ජනාධිපතිවරයාට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වනබව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය පවසයි.

මේ වනවිට පැමිණිලි 56ක් ලැබී ඇති අතර ඉන් 48ක් ඉදිරි විමර්ශන සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය සඳහන් කළේය.

Exit mobile version