පොදු ජනතාවගේ දුකට පිහිටවෙන ජනපති මම වෙන බව සජිත් කියයි

Share

සිය පාලනයක් යටතේ ජාතික සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ(29) පස්වරුවේ වත්තල ප්‍රදේශයේදි පැවැත්වුණු අතර එම රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“අපි අලුත් දර්ශනයක් නව දැක්මක් තුළින් ජනතාවාදී, ජනතා කේන්ද්‍රීය විශිෂ්ඨ පොදු ජන සේවාවක් කරන්නට ජාතික සංවර්ධන සැළැස්මක් නිර්මාණය කරලා තියෙනවා.

රටේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකකයක් මම ස්ථාපිත කරලා හැම මැතිවරණ බල ප්‍රදේශයකම, හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ජනතාවට පුද්ගලික දුක ඉදිරිපත් කරන්න, පොදු යෝජනා ඉදිරිපත් කරන්න මගේම නිලධාරි කණ්ඩායමක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ස්ථාපනය කරනවා.

ඒ ඔස්සේ අනිවාර්යයෙන්ම පොදු ජනතාවගේ දුකට පිහිටවෙන ජනාධිපතිවරයා බවට පත් වන්නට මම ඇප කැප වෙනවා.” යැයි ද ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Read more

Local News